පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අද සිට දින හතරකට වරක් පැය 24ක ජල කප්පාදුවක් සිදුකරන බව බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දිස්නා පන්නිල මහත්මිය කියා සිටියේ ලබුගම, කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මේ අතර, කොළඹට ජලය සැපයෙන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන කලටුවාව ජලාශයේ ඇති ජල පරිමාව ප්‍රමාණවත් වන්නේ තවත් දින 20කට පමණක් බවද මෙහිදී සඳහන් කෙරුණා.
කොළඹ නගරය හා ඊට තදාසන්න ප්‍රදේශ වල ජලය සැපයෙන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් මහරගම, හෝමාගම, පාදුක්ක, කඩුවෙල, සීතාවක, කෝට්ටේ, කැස්බෑව, කොලොන්නාව යන ප්‍රදේශයන්ට ජලය සැපයෙනවා.
සබරගමුව හා බස්නාහිර පළාත් ආවරණය වන පරිදි කලටුවාව ජලාශය ජල ප්රභවය අක්කර 3500ක පෝෂිත ප්‍රදේශයක් ඇති අතර කලටුවාව ජලාශයේ වපසරිය අක්කර 320ක්.
සාමාන්‍ය වශයෙන් ජලාශයෙන් දිනකට ජලය මීටර් කියුබ් 90000ක් පමණ මුදාහැරෙනවා.
කෙසේ වෙතත් පවතින වියළි කාලගුණයත් සමග ජලාශයේ ජල පරිමාව ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා.
කලටුවාව ජලාශයේ දැනට පවතින ජල පරිමාව ප්‍රමාණවත් වන්නේ තවත් දින 20කට පමණක් බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර පැවසුවා.
මෙම තත්ත්වය තුළ ජලය කළමනාකරණය කිරීමට ඉදිරියේදී ජල සැපයුම තවදුරටත් සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ යටතේ පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට දින 4කට වරක් රාත්‍රී 8 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදුකෙරෙනවා.
පාදුක්ක ප්‍රදේශයට ජල කප්පාදු කෙරෙන්නේ අද රාත්‍රී 8.00 සිට හෙට රාත්‍රි 8.00 දක්වායි.
අප්‍රේල් 3 වැනිදා හෝමාගම ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදුකෙරෙන අතර අප්‍රේල් 4 වැනිදා පැලැන්වත්ත ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදුකෙරෙනවා
ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසයි.
මේ අතර දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට දිනයේදී මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල, ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති වන බව කාලගුණ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පෙන්වා දෙන්නේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය පහව යාමට තරම් වර්ෂාව ප්‍රමාණවත් නොවන බවයි.





