අද දින හිරු බැස යාමෙන් පසු සුවිශේෂී අභ්‍යවකාශ නිරීක්ෂණයක් දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
ඒ අනුව අද රාත්‍රී අහසේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8න් 6ක් දැක ගත හැකියි.
එ අනුව බටහිර දිශාවෙන් බුධ, සිකුරු, සෙනසුරු,සහ නෙප්චුන් යන ග්‍රහලෝකත් ඊට ඉහළින් බ්‍රහස්පති සහ යුරේනස් යන ග්‍රහලෝකත් නිරීක්ෂණය කළ හැකිවනු ඇති.





