සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කෑලිගම විජිතනන්ද නාහිමියන් සිදුකළ ශාසනික මෙහෙවර අගයමින් සංවිධාන කළ “ගෞරවාභිනන්දන” උපහාර උළෙල රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණා.
මේ සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා





