දුම්රිය රියදුරන් විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා
ඒ හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව හකුලා ගැනීමට රජය තීරණය කිරීමත් සමගයි.
මෙම තීරනය හේතුවෙන් සිය වෘත්ත්තිය ක්‍රියා මාර්ගය මෙලෙස අත්හිටුවන බවයි දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය සඳහන් කළේ.
දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවා ගත් නවක රියදුරන් සඳහා පැවති රැස්වීමක දී දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරින් පිරිසකටද එම පුහුණුව ලබාදීමට තීරණය කර ඇති බව අනාවරණය වුණා.
එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනකට යන බවයි දුම්රිය රියදුරන් පවසා සිටියේ.
කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් පසුව මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ මෙම තීරණ තාවකාලිකව අත් හිටුවන බවයි.
මේ දිනවල පැවැත්වෙන සමාන්‍ය පෙළ විභාගයේ දී කිසිදු දරුවෙකු අපහසුතාවට පත් කිරීමට රජයේ අපේක්ෂාවක් නොමැති බැවින් මෙම තීරණය කල් දැමීමට කටයුතු තීරනය කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර දුම්රිය රියදුරු පුහුනුව හමුදා නිලධාරින් පිරිසකට ද ලබා දීමට ගත් තීරණය කල් දැමීම සම්බන්ධයෙන් දුම්රිය රියදුරු සංගම් අදහස් පළ කලා. ඒ අනුව සාමාන්‍ය පරිදි අද දුම්රිය ධාවන කටයුතු සිදු කෙරුනු ආකාරය දක්නට ලැබුනා.





