අත්හිටවූ GMOA වර්ජනය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍ය ස්ථානමාරුවීම් සඳහා දේශපාලන මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා සහ ඉරිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වුණා.
මේ හේතුවෙන් ⁣රජයේ රෝහල් වෙත පැමිණි ජනතාව පසුගිය සතිය පුරාම දැඩි ලෙස පීඩාවට පත් ව සිටියා.

කෙසේ වෙතත් අද පෙරවරුවේ රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සභාව තීරණය කළේ අද පෙරවරුවේ අටට සංකේත වෛද්‍ය වැඩවර්ජනය අවසන් කිරීමටයි.

සංගමය සඳහන් ‍කළේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ලබන බ්‍රහස්පතින්දා සාකච්ඡාවක් ලබාදීමට එකඟත්වය පළ කිරීම හේතුවෙන් මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි.

Share