පසුගිය රජයන් විසින් සිදුකල අත්‍යාවශ්‍ය නොවන අසීමිත බදවා ගැනීම් හේතුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ සේවක අතිරික්තයක් මතුව ඇතැයි එම නිලධාරීන් පවසනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී එම නිලධාරීන් මේ බව පවසා තිබෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
එහිදී අමාත්‍යවරයා විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රගතිය පිළිබඳව විමසා බැලීමක් සිදුකළ අතර එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ හඳුන්වා දීමක් ද සිදුකරනු ලැබුවා.
මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා ආයතනයේ පවතින ගැටළු සම්බන්ධයෙන් එහි නිලධාරීන් සමඟ සාකච්චාවක නිරත වුණා.
අනතුරුව අමාත්‍යවරයා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විවිධ අංශ වෙත ගොස් නිරීක්ෂණය කක අතර එහිදී නිලධාරීන් සමඟ සුහද කතාබහකටද එක්වුණා.





