මේ අතර සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව විදුලිය,ඉන්ධන,සෞඛ්‍ය සේවා,ප්‍රවාහන,මාර්ග,ජලය,ආහාර, තවදුරටත් අත්‍යාවශ්‍ය සේවවන් වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන, විදුලි සංදේශ හා මාධ්‍ය , පහත්බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ යන සේවාවන් ද අත්‍යවශ්‍ය සේවා ලෙස තවදුරටත් බලාත්මක වනු ඇති.
ඉදිරි පාර්ලිමේන්තු සතියේදී අදාළ ගැසට් නිවේදන පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මුලින්ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ පසුගිය 29වැනිදායි.





