අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මීගමුවේදී පොලිසියෙන් වෙඩි තබයි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මීගමුව, ශාන්ත ජෝසප් වීදියේ දී නතර කළත් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක් වූ මෝටර් රථයක පදික වෙළෙන්දෙකුගේ සහ යතුරු පැදිකරුවෙකුගේද ගැටී තිබූ අතර ඔවුන් දෙදෙනා මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණා.
මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්‍ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් මෝටර් රථ රියදුරු සහ රිය සහයකයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යක්කල, කිරිඳිවැල පාරේ, පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් විසින් පරිහරණය කළ කාර්යාලයේ භුක්තිය යළි ඔවුන්ට පවරා දෙන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද නියෝග කළා.
2025 සැප්තැම්බර් 2 වැනිදා ජනතා විමුක්‍ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලු වූ බවට චෝදනා එල්ල වුණා.

Share