අඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක්

අඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් සහ ඔහුගේ ආධාරකරුවන්ට එරෙහිව පාකිස්ථාන පොලිසිය ත්‍රස්ත විරෝධී පනත යටතේ චෝදනා ගොනුකර තිබෙනවා.
ඛාන්ගේ සහෝදරිය සහ ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් නායකයින් පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ මේ වනවිට සිරගතව සිටින ඉම්රාන් ඛාන් හමුවීමට නීතිඥයින්ට සහ ඥාතීන්ට බලධාරින් අවසර ලබා නොදීම හේතුවෙන්.
එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර ද එල්ල කළ අතර එහිදී ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවුණා.
රාජ්‍යයට එරෙහිව සාපරාධී කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම ඇතුලු චෝදනා යටතේ 14 දෙනෙකු එම ස්ථානයේ දී අත්අඩංගුවට ගැණුනා.
කෙසේ වෙතත් ඉම්රාන් ගේ සහෝදරියන් එහිදී අත්අඩංගුවට පත් ව නැහැ.

Share