ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දැනට ක්‍රියාත්මක කරන අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරුවේ සිට තවත් දැඩි කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා කියා සිටියේ හෙට සිට අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීමට සීමා වී රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීමට පියවර ගන්නා බවයි.
දිවයින පුරා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි පසුගිය 26 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක වනවා.
එහි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක මණ්ඩලය අද රැස් වුණා.
ප්‍රභාත් සුගතදාස – ලේකම් – රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමය
කෙසේ වෙතත් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය නොදෙන බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.





