අකුරේගොඩ සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ දෙවන වෙඩික්කරු ලෙස සැකපිට අත්අඩංගුවට ගත් මනෝජ් උදයංග හෙවත් රූබස් රමේෂ් නැමැති හිටපු නාවික හමුදා සෙබලාට එරෙහිව පැය 72ක රුඳවුම් නියොග ලබා ගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සදහන් කළා.
ඒ අනුව මෙම ද්විත්ව ඝාතනයට අදාළ වෙඩික්කරුවන් දෙදෙනා සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් 10නෙක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අකුරේගොඩ සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවන වෙඩික්කරු ඇතුලු තවත් පුද්ගලයින් තිදෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබුවේ මොනරාගල, නක්කල, ටැංවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දීයී.
පසුව එම සැකකරුවන් ඊයේ දිනම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙන එනු ලැබුවා.
සැකකරුවන් අතර සිටින දෙවන වෙඩික්කරු බවට සැක කරන මාතර ඉල්දූව කනංකේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මනෝජ් උදයංග නැමැත්තා හිටපු නාවික හමුදා සෙබළෙක් බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු රූබස් රමේෂ් යන නමින්ද පෙනී සිට ඇති අතර, එම නමින් විදෙස් ගමන් බලපත්‍රයක්ද ඔහු සතුව තිබිය දී සොයාගෙන තිබෙනවා.
ඔහු 2008 වසරේදි නාවික හමුදාවට එක්ව ඇති අතර වසර 11ක පමණ කාලයක් නාවික හමුදා සේවයේ සිට ඉන් නීත්‍යානුකූලව ඉවත් වූවෙක්.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශ විමර්ශන නිළධාරීන් කියා සිටියේ මෙම වෙඩික්කරු කරන්දෙණිය සුද්දාගේ විශ්වාසවන්තම හා දක්ෂතම වෙඩික්කරු බවට තොරතුරු අනාවරණය කර ගැනිමට හැකි වු බවයි.
එමෙන්ම මෙතෙක් සිදු කල මුලික විමර්ශන වල දි තහවුරු කර ගෙන ඇත්තේ මොහු ඝාතන හයක ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවයි.
ඒ අතර 2026 මාර්තු මස 13 වැනිදා විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී ඒ.ඩබ්ලිව්. සිරිදත් ධම්මික වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේ ම නොවැම්බර් 18 වැනිදා උණාකූරුව – කපුහේන ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේ දෙසැම්බර් 22 වැනිදා අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ හිරාන් කෝසල නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සහ මේ වසරේ ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි තැබිම ද වෙනවා.
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සිද්ධියේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් වෙඩිතබා ඇත්තේ මෙම දෙවන වෙඩික්කරු වන බවයි විමර්ශන නිළධාරීන් පවසන්නේ.
මේ අතර දෙවන වෙඩික්කරු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දිනුජන සඳරුවන් නැමැත්තාගේ ඥාතීන් කිහිප දෙනෙකුම කරන්දෙණිය සුද්දාගේ සමීපතමයන් බව විමර්ශන වලින් හෙළිව තිබෙනවා.
අත්අඩංගුවටගත් අනෙක් සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි කැළුම් සුජීව නැමැත්තෙකු වන අතර, ඔහු සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් අයෙක් බවද පොලිසිය සදහන් කළා.
එම සැකකරු මාර්ග සංවර්ධන කටයුතුවල නිරත අයෙකු වන අතර, ඔහු මොනරාගල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක සෙසු සැකකරුවන් සමග සිට ඇති බවයි විමර්ශන නිළධාරීන් කියා සිටියේ.
මොනරාගල පොලිසිය සදහන් කලේ මෙම තැනැත්තා මීට සති දෙකකට පමණ ඉහතදී සෙල්ලකතරගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක නිරතව සිටි ඇති බවයි.
ඒ අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන පෙතියාගොඩ සංඛ නැමැත්තා ඔහුට අවස්තා දෙකක දි දුරකථන ඇමතුම් දී පුද්ගලයින් දෙදෙනෙක් ඔහුගේ නවාතැනට එවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුවයි එම නිවසේ සිටි තිදෙනාම මොනරාගල පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගනු ලැබුවේ .
එම පිරිස බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන එමන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෙඩික්කරුට එරෙහිව පැය 72ක රඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරිම් ආරම්භ කර තිබෙනවා.
සෙසු සැකකරුවන් දෙදෙනා අද දිනයෙද රැඳවුම් භාරයේ රඳවා ප්‍රශ්න කිරිම් සිදු කරන බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය සදහන් කලා.





