අකුරේගොඩ දී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මෙම සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්ව සිටි අයෙක් බව පොලිසිය පවසනවා.
පසුගිය 13 වැනි දින අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඇතුලු විමර්ශන කණ්ඩායම් 12ක් විමර්ශන කළා.
ඒ අනුව බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සවස් කාලයේ අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී මෙම අපරාධයේ වෙඩික්කරුවෙකු බවට සැලකෙන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 46ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය පැවසුවේ හිටපු යුද හමුදා සෙබළෙකු වන සැකකරු 2009 වසරේදී ලබා දුන් පොදු සමා කාලය තුළදී නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වී ඇති බවයි.
මේ අතර පසුගිය 16 වැනිදා කොට්ටාව හා අතුරුගිරිය පොලිස් වසම්වල දී සහ 17 වැනිදා කහතුඩුව පොලිස් වසමේදී මෙම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
වෙඩික්කරුවකු ඝාතන සිද්ධියට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
එලෙස පලා ගොස් ඇත්තේ කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බවද පොලීසිය පැවසුවා.
එම සැකකරුට රටින් පලායාම සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යෑමට සහ වෙඩික්කරුවන්ගේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ද ඊයේ පස්වරුවේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඇල්පිටිය කහදුව ප්‍රදේශයේ නිවසක තිබියදී මෝටර් රථය සොයා ගැණුනේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුවයි.
වෙඩික්කරුවන් අපරාධය පෙර දිනවල කොට්ටාව සහ කඩවත අතර ගමන් කිරීමට මෙම වාහනය යොදා ගෙන ඇතැයි පොලිසිය අනාවරණ කර ගෙන තිබෙනවා.
ගිනි තබා විනාශ කර තිබූ අපරාධය සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ මාර්ගයක දී පොලිසිය මීට පෙර සොයා ගත්තා.
එමෙන්ම අපරාධය සඳහා ගිනිඅවි ප්‍රවාහනය කිරීමට භාවිතා කළ තවත් වාහනයක් කොට්ටාව ප්‍රදේශයේදී සොයා ගැණුනා.





