‌අකුරේගොඩ ඝාතනයේ සුලමුල

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ මොණරාගලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු තාවකාලිකව නවාතැන්ගෙන සිටි නිවස ද පොලිසිය විශේෂ සෝදිසි කිරීමකට ලක් කළා.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ සංවිධානාත්මක අපරාධ මර්ධනය සඳහා ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන එන බවයි.

අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලකදී මෝටර් රථයක සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 13 වැනිදායි.
ඝාතනයට පැමිණි එක් වෙඩික්කරුවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගත් අතර දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න ඔහුගෙන් කෙරෙනවා.
එහි දී ලද තොරතුරු මත ඝාතනයට පැමිණි අනෙක් වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙක් මොනරාගල, නක්කල ,ටැම්වත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මේ වනවිට මොණරාගල පොලීසියේ රඳවාගෙන වැඩිදුර ප්‍රශ්නකිරීම් කරන බව පොලිසිය පැවසුවා.
සැකකරු තාවකාලිකව නවාතැන් ගෙන සිටි ටැම්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස ද විශේෂ සෝදිසි කිරීමකට ලක් කෙරුණා. මේ අතර අපරාධ මර්ධනය සඳහා ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

Share