අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට යොදාගත් රථය ගාල්ල අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනේ

මේ අතර තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා.
මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවද පොලිසිය පැවසුවා. මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරනවා

2026 වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 7ක් වාර්තා වූ අතර ඉන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Share