අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක

අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයක නිරත වනවා. කෙසේවෙතත් මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණි රෝගීන් පත් වූයේ දැඩි පීඩාවකටයි. කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කළේ අද පෙරවරු 8ටයි. හදිසි වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව පීඩාවට පත්වුණා.

මේ අතර වෛද්‍යවරුන්ගේ දීමනා ගැටලුවට රජය ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ දක්වාත් කටයුතු නොකර සිටීම ඇතුළු ඉල්ලීම කිහිපයක් මුල් කරගනිමින් හෙට සිට අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම් කර තිබෙනවා.

Share