හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතයි.
පසුගිය අප්‍රේල් 24 වැනිදා මෙම විමර්ශනයට අදාළව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගත්තා.
2023 වසරේදී බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා රජයේ අරමුදල් රුපියල් ලක්ෂ 166කට අධික ප්‍රමාණයක් වැය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබෙනවා
සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයා 2025 අගෝස්තු 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට පසුව නියෝග කෙරුණා.
සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර ඔහු ද පෙබරවාරි 18 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.
මෙම විමර්ශනයට අදාළව අප්‍රේල් 24 වැනිදා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ද CID නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත්තා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව එරෙහි පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පස්වරු 1 ට කැඳවීමට නියමිතය





