IPL 40 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

IPL තරඟාවලියේ 40 වැනි තරගයෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ පන්ජාබ් හීදී.
කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ආරම්භයේ සිටම ඉතා ප්‍රවේගකාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා.
ආරම්භක පිතිකරු ප්‍රභ්සිම්රන් සිං ලකුණු 59ක් රැස් කරමින් ඉනිමට සාර්ථක අඩිතාලමක් දැමූ අතර, මැදපෙළ ශක්තිමත් කළ මාකස් ස්ටොයිනිස් වේගය මැනවින් පවත්වාගෙන ගියා.
ඔහු පන්දු 22ක් තුළ නොදැවී ලබාගත් ලකුණු 62 ත් සමග පන්ජාබ් ලකුණු පුවරුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 222ක් ලෙස සටහන් වුණා.
ලකුණු 223ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් පිළට අවශ්‍ය වූයේ වේගවත් ආරම්භයක්.
නවක ක්‍රීඩක වෛභව් සූරියවංශි පන්දු 16කින් ලකුණු 43ක් රැස් කරමින් පන්ජාබ් පන්දු යවන්නන් දණගැස්වීමට සමත් වුණා.
අනතුරුව යශස්වි ජයිස්වාල් ලකුණු 51ක් ලබා ගනිමින් ජයග්‍රහණයට මාවත විවර කළා.
ඩොනොවන් ෆෙරේරා, පන්දු 26ක් තුළ නොදැවී ලකුණු 52යි.
ඉනිමේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීම කඩුලු 6ක ජයක් රාජස්ථාන් කණ්ඩායම සතු වුණා.

Share