තමා සහ තම බිරිඳ සහභාගි වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කිසිසේත්ම නොසැලි ඇමරිකානු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිද්ධියෙන් පසු මධ්‍යම රාත්‍රියේ ධවල මන්දිරයේ දී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ ට්‍රම්ප් මේ බව සඳහන් කළා.
අමරිකාවේ වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේ ඊයේ රාත්‍රී 8.30ට පමණ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික භෝජන සංග්‍රහය පැවැත්වුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප් මෙන්ම තවත් ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන්.
එක්වරම ශාලාවෙන් පිටත සිදු වූ වෙඩි තැබීමකින් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.
පසුව ජනාධිපතිවරයා සහ බිරිඳ වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා.
එමෙන්ම උප ජනාධිපතිවරයා සහ සෙසු ප්‍රභූන් ද එකිනෙකා බැගින් ශාලාවෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂකයින් කටයුතු කළා.
ට්‍රම්ප් විසින් පසුව ප්‍රසිද්ධ කරන ලද සීසීටීවී වීඩියෝවක දැක්වුණේ සැකකරු ආරක්ෂක බාධක පසුකර දිව යන අතරතුර රහස් ඔත්තු සේවා නිලධාරීන් ඔහු පසුපස හඹා යන ආකාරයයි.
සැකකරු රහස් ඔත්තු සේවා නිලධාරියෙකුට වෙඩි තබා ඇතත් ඔහුගේ ආරක්ෂිත ඇඟලුම් හේතුවෙන් බරපතළ අනතුරක් සිදුව නැහැ.
පසුව ආරක්ෂකයින් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධියෙන් ටික වේලාවකට පසු එම ඇඳුමින්ම ට්‍රම්ප් ධවල මන්දිරයේ දී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ තිබූ අතර මාධ්‍යවේදීන් ද රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ ඇඳුමින්ම ඊට එක් වුණා.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමය සාම්ප්‍රදායිකව සංවිධාන කරන මෙම භෝජන සංග්‍රහය මීට පෙර ට්‍රම්ප් විසින් වර්ජනය කරනු ලැබූ අතර ඔහු සහභාගී වූ පළමු අවස්ථාව ද මෙයයි.
වෙඩි තැබීමත් සමඟ ක්‍රියාත්මක වූ රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ කඩිනම් ප්‍රතිචාරය බෙහෙවින් අගය කරනවා
ඔහු”තනි වෘකයෙකු” ලෙස ක්‍රියා කළ “අසනීප මානසිකත්වයක් ඇති අයෙක්
වොෂින්ටන් හිල්ටන් හෝටලයේ ආරක්ෂාව උල්ලංඝනය වූ ආකාරය පිළිබඳව දැඩි විමර්ශනයක් පවත්වන ලෙස මම නියෝග කරනවා. මෙම ප්‍රහාරයෙන් මම සැලෙන්නේ නැහැ ඇමරිකානු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා.
අත්අඩංගුවට ගත් දකුණු කැලිෆෝනියාවේ ටොරන්ස් හි පදිංචි 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නැමැති සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශනවල දී හෙළිව ඇත්තේ ඔහු දකුණු කැලිෆෝනියාවේ පදිංචි ගුරුවරයෙකු සහ පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවෙකු බවයි
එමෙන්ම ඔහු 2017 වසරේදී කැලිෆෝනියා තාක්ෂණික ආයතනයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, පසුගිය වසරේදී පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇති බවත් සඳහන්.
සැකකරු පවසා ඇත්තේ තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොව ජනාධිපතිවරයාට සම්බන්ධ නිලධාරීන් බවයි.
කෙසේනමුත්, ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.





