IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණේ ජායිපූර් හි දී
තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 228ක් රැස් කළා.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ 15 හැවිරිදි වෛභව් සූර්යවංශි පන්දු 37කින් වේගවත් ලකුණු 103ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 229ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිල පන්දුවාර 18 යි පන්දු තුනකදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය සම්පූර්ණ කළා.
ඉෂාන් කිෂාන් පන්දු 31කින් ලකුණු 74ක් සහ අභිෂේක් ෂර්මා ලකුණු 57ක් රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුරජාට් ටයිටන්ස් අතර තරගය අද සවස 3.30ට පැවැත්වෙන්නේ චෙන්නායිහිදී.
ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය රාත්‍රි 7.30ට පැවැත්වෙනවා.





