ඒහිපස්සිකෝ පාද චාරිකාව අද පස්වැනි දිනටත් පැවැත්වෙනවා.

ගෝලීය සාමය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ වූ ඒහිපස්සිකෝ පාද චාරිකාව අද පස්වැනි දිනටත් පැවැත්වෙනවා.

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයෙන් අද ආරම්භ වූ පාද චාරිකාවේ අවසන් වන්නේ යක්කල අබේසේකරාරාම පරිශ්‍රයෙන්.
පුරා දින හතරක් මෙරට ගම් දනවූ නගර පසු කරමින් සැදැහැවතුන්ගේ ආශිර්වාදය මැද පාද චාරිකාවේ යෙදෙන වියට්නාමයේ පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේ කණ්ඩායම අද පෙරවරු 7 ට තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපසින් පාද චාරිකාවේ පස්වැනි දිනය ආරම්භ කළා.

මෙම පාද චාරිකාව පැමිණෙන මග දෙපස සැදැහවතුන් බොහෝ පිරිසක් අදත් පෙල ගැසී සිටියා.

අද දිනය තුළ මෙම භික්ෂූන් වහන්සේ පිරිස කිලෝමීටර් 33ක දුර ප්‍රමාණයක් ගෙවා දමමින් අද පස්වරුවේ යක්කල අබේසේකරාරාමය වෙත පැමිණීමට නියමිතයි.

ඒහිපස්සිකෝ පාද චාරිකාව නිමාව දකින්නේ මෙම මස 28 වැනිදා කැලණිය රජමහා විහාරයේ සිට කොළඹ නිදහස් චතුරස්‍රය හරහා ගංගාරාමය විහාරස්ථානය වෙත පැමිණීමෙන් පසුවයි

Share