ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා අසංග සෙනෙවිරත්න

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අසංග සෙනෙවිරත්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.

ඔලිම්පික් කමිටු සභාපති ධුරයට ඔහු හා තරග වැදුණේ ජස්වර් උමාර් සහ ශිරන්ත පීරිස්.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ කොළඹ ඔලිම්පික් නිවහනේදී.

හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.

මෙවර සභාපති ධුරය සඳහා අසංග සෙනෙවිරත්න, ජස්වර් උමාර් සහ ශිරන්ත පීරිස් තරග වැදුණා.

අසංග සෙනෙවිරත්න සභාපති ධුරයට තේරී පත්වුණේ ඡන්ද 16ක් ලබා ගනිමින්.

ජස්වර් උමාර්ට ජන්ද 11ක් ලැබුණු අතර ශිරන්ත පීරිස්ට හිමි වුණේ ඡන්ද දෙකක් පමණයි.

Share