1990 සුවසැරිය ගිලන් රථ සේවාව ඉදිරියේදී තවත් වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
සුවසැරි නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී තවත් ගිලන් රථ ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී ඇති බවයි.
හම්බන්තොටින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ සුවසැරිය ගිලන් රථ සේවයේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු මේ දක්වා සිදු කෙරුණේ රාජගිරියේ පිහිටි පුද්ගලික ගොඩනැගිලක් තුළයි.
ඒ අනුව සුවසැරිය නව කාර්යාලය අද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණා.





