ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් සමග පැවති තරගයෙන් කඩුළු 5ක ජයක් පන්ජාබ් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් සමග පැවති තරගයෙන් කඩුළු 5ක ජයක් ලැබීමට පන්ජාබ් කිංග්ස් ඊයේ සමත් වුණා.
මෙවර තරගාවලියේ දේශීය නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.

චෙන්නායි චිදම්භරම් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සත්කාරකයින්ට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි චෙන්නායී කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 209ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආයුෂ් මැතිරේ පන්දු 43කින් ලකුණු 73ක් රැස්කර ගත්තා.
ඔහුට අනගි සහයක් වූ ශිවම් ඩුබේ නොදැවී ලකුණු 45යි

ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩුළු 5ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා

පන්ජාබ් ඉණිම වෙනුවෙන් නායකත්වයේ ඉණිමක් දියත් කළ ශ්‍රෙයාස් අයියර් පන්දු 29කින් ලකුණු 50ක් රැස් කළා.

ප්‍රභ්සිම්රාන් සිං ලකුණු 43යි.

තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවැනි පරාජයත් සමගින් චෙන්නායි කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා පසු බැසීමට සිදු ව තිබෙනවා.

පන්ජාබ් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 2කම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

මේ අතර තරගාවලියේ තවත් තරග 2ක් පැවැත්වෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ මුම්බායී ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.30ට පැවැත්වෙන්නේ දිල්ලි හීදී.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය අහමදාබාද් හීදී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Share