වෛද්‍ය වර්ජනය අවසන්

ස්ථාන මාරුවීම්වලට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා ක්‍රියාත්මක කල එක්දින සංකේත වැඩවර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කෙරුනා.

ටීවී සුප්‍රීම් අප කල විමසිමසුමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කලේ අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ඉදිරි පියවර පිළිබද තීරණයක් ගන්නා බවයි.

ස්ථාන මාරුවීම්වලට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙවන වරටත් ඊයේ සංකේත වැඩවර්ජනයක නිරත වුණා.
පසුගිය සතියේ අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදිනක් ක්‍රියාත්මක වූ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි පිඩාවට පත්ව සිටියා .
කෙසේවෙතත් අද පෙරවරු 8.00 සිට වර්ජනය අවසන් වීමත් සමග රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා .
එහෙත් අද රජයේ නිවාඩු දිනයක් හේතුවෙන් එතරම් රෝගීන් පිරිසක් රෝහල්වලට පැමිණි සිටිනු දක්නට ලැබුනේ නැහැ .
ටීවී සුප්‍රීම් අප කල විමසිමසුමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ සවස දහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බවයි.
එය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවහිරකර ඇති බවත්, කෙසේ නමුත් සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබා දී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12න් අවසන් වන අතර එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවත් ඔහු අවධාරණය කළා.

Share