කොත්මලේ ගැරඩි ඇල්ල ප්රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්රපාතයට පෙරලී සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා
අද අලුයම 1:00ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යතුරුපැදි අනතුරකින් තුවාල ලැබූවෙක් බැලීමට ගොස් ආපසු කොත්මලේ තවලන්තැන්න දක්වා ධාවනය කරමින් තිබූ එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක්.




