ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් හමුවේ කඩුලු හයක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් සමත් වුණා. තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ නිල දේශීය විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ටීවී සුප්‍රිම් වෙතයි.
අයිපීඑල් තරගාවලියේ පස්වැනි තරගය ඊයේ පැවැත්වුණේ ලක්නව් හි දී.
කාසිය වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් ආරාධානයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් පළමුව පන්දුවට පහර දුන්නා.
පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.
පිළිතුරු ඉනිම ආරම්භ කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පළමු කඩුලු හතර ලකුණු 26ක් තුළ බිඳ වැටුණා.
සිය කුලුඳුල් අයිපීඑල් තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංකට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.
පස්වැනි කඩුල්ලට පිටියේ එක් වුණු සමීර් රිස්වි සමගින් ට්‍රිස්ටන් ස්ටබ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා සුරැකිව රැගෙන ගියා.
තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වූ රිස්වි නොදැවී ලකුණු 70යි.
අයිපීඑල් තරගාවලියේ අද පැවැත්වෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයයි.
ඊඩ්න් ගාඩ්න් හි දී තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනවා.





