රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබු වැඩවර්ජනය අද අවසන් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබු පැය 24ක සංකේත වැඩවර්ජනය අද උදෑසන 8 අවසන් වුණා.
කෙසේ වෙතත් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වන හදිසි විධායක කමිටු රැස්වීමේදී තීරණය කිරිීමට නියමිතයි.
මේ අතර අද මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් හංසමාල් වීරසූරිය සඳහන් කළේ දේශපාලන අවශ්‍යතාවලට කොන්ද නැවීමට කිසි විටකත් සූදානමක් නොමැති බවයි.

Share