අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා දිවයිනට සූර්යා මුදුන් වන බැවින් දැනට පවතින අධික උණුසුම් කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කලේ, අප්‍රේල් මස 3 වැනිදායින් පසු සුළු වර්ෂාපතනයක් ඇද හැලීමේ සම්භාවිතාවක් පැවතියද එය පවතින උෂ්ණත්වය සමනය කිරිමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක පවතින්නේ දැඩි උණුසුම සහිත කාලගුණ තත්ත්වයක්.
මේ නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අප්‍රේල් මස මුල් සතියේදී දිවයිනට හිරු මුදුන් වන බැවින්, පවතින උණූසුම්කාරී කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවයි
දිවයිනේ ප්‍රදේශ රැසක පරිසර උෂ්ණත්වය විශාල ලෙස ඉහළ යද්දි ශරීරයට දැනෙන උෂ්ණත්වය එයට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇත්තේ පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණ ඉහළ යාම නිසාවෙන් බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ
මේ අතර රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ සඳහන් කළා.
ඒ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ සීමා සහිතව ජල සැපයුම සිදුවන අතර ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් දැනුම් දෙනවා.
මේ අතර දැඩි හිරු රශ්මිය හේතුවෙන් සමේ මතුවිය හැකි ආසාදන තත්ත්වයන් සම්බන්ධයෙන් සහ එම තත්ත්වයන් මගහරවාගත හැකි ක්රමෝපායන් සම්බන්ධයෙන් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය මෙලෙස අදහස් පළ කළා.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නමුත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවන බවයි සඳහන් වන්නේ.
මේ අතර පවතින වියලි කාළගුණය හමුවේ වික්ටෝරියා ජලාශයේ ජලය වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින් දැනට සිදු කරන කෘෂිකර්ම මෙහෙයුම් කටයුතු සිදු කිරිමේ දුෂ්කරතාවයකට පත්ව ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ මධ්‍යම පළාත් ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කරනවා
මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට කියුබ් මිලියන 7–8 අතර ප්‍රමාණයකින් අඩුවෙමින් පවතින අතර එම තත්ත්වය දිගටම පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ ජල සැපයුම සීමා කිරිමට සිදුවනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මෙම තත්වයේ බරපතලකම තේරුම් ගෙන ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.





