ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ දැවැන්තයකු වූ වකුගඩු රෝග විශේෂඥ මහාචාර්ය රිස්වි ෂෙරීෆ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වකුගඩු රෝග විද්‍යාවේ පුරෝගාමියෙකු වූ මහාචාර්ය ෂෙරිෆ් මහතා මෙරට වකුගඩු සත්කාර සේවා සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නා.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්රිත පැතිර යන නිදන්ගත වකුගඩු රෝග නිවාරණය සඳහා ඔහු කළ දායකත්වය ජාතික සහ ජාත්‍යන්තර අවධානයට ද පාත්රවුණා.





