බතික් එයාර් කටුනායක ගුවන්තොටුපොළට මෙහෙයුම් අරඹයි

බතික් එයාර් ගුවන් සේවය මැලේසියාවේ ක්වාලාලම්පූර් සහ කටුනායක අතර යළි ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද අලුයම මෙරටට ළඟා වුණා.
බතික් එයාර් ගුවන් සේවය සතියට දින 04 ක් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන්දියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගුවන් සම්බන්ධතාව තවදුරටත් පුළුල් කරමින් දිල්ලි සහ කොළඹ අතර නව සෘජු ගුවන් ගමන් සේවාවක් ඊයේ සිට ආරම්භ කර තිබෙනවා.
A320 නවීන ගුවන් යානා යොදා ගනිමින් ක්‍රියාත්මක දිල්ලි සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවා සතියකට දින හයක් ක්‍රියාත්මක වනවා.

Share