ඉදිරි සති තුන ඇතුළත දිනකට පැය කිහිපයක ජල කප්පාදුවක් සිදුවිය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලප්රවාහන මණ්ඩලය පවසනවා.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින ජල ධාරිතාවය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙසයි. මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මාලාවක් අධ්යාපන අමාත්යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
අද පස්වරු 2.30 වන විට දිවයිනේ උපරිම උෂ්ණත්වය කුරුණෑගල ප්රදේශයෙන් වාර්තා වුණා.
ඒ, සෙල්සියස් අංශක 35.6ක් ලෙසින්.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ ඉදිරි සති කිහිපයේද මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි.
මෙම තත්ත්වය තුළ පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මාලාවක් අධ්යාපන අමාත්යාංශය විසින් නිකුත් කර තිබෙනවා
ඒ අනුව, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ස්ථානවල මෙන්ම ක්රීඩාපිටියේ ක්රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්විම,
පාසල් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත ස්ථානවල ක්රීඩා කිරීමෙන් වැළැක්විය යුතු බව එම උපදෙස් මාලාවේ සඳහන්.
එමෙන්ම වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම වඩාත් සුදුසු බව ද අධ්යාපන අමාත්යංශය දැනුම් දෙනවා.
අවශ්ය අවස්ථා වලදී ටයි පටිය නොපැළැඳීම හෝ ටයි පටියේ ගැටය ළිහිල් කිරීම කළ යුතු බව ද උපදෙස් මාලාවේ සඳහන්.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අඩුපීඩනයක් යටතේ ජලය ලැබෙන ප්රදේශ සඳහා මේ වනවිට බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් ප්රධාන ජලාශ 73 හි සාමාන්ය ධාරිතාව සියයට 75 ඉක්මවා පවතින බැවින් යල කන්නය සදහා ජලය බෙදාහැරීමේ ගැටළුවක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේතුව පවසනවා
මේ අතර ජල පෝෂක ප්රදේශවලට මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමග අද උදෑසන 6:00 වන විට කොත්මලේ ජලාශයේ ජල මට්ටම 21.8%ක් දක්වා අඩු වී ඇති බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසනවා
එමෙන්ම ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටමද පවතින්නේ ඉතා අඩු මට්ටමකයි.
පවතින අධික වියලි කාලගුණ තත්ත්වය හමුවේ කෑලෑ බද ප්රදේශවල ලැව්ගිනි ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් ද ආපදා කළමනාකරණ මධ්යස්ථානය අනතුරු අඟවනවා.
මේ අතර සුප්රිම් නිව්ස් අප කළ විමසීමකදී වනජිවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ වියලි කාලගුණයත් සමග පානීය ජලය සොයා යන සතුන් දඩයම් කිරීමේ සිද්ධීන් වාර්තා වීම ඉහළ යන බැවින් ඒවා වැළැක්වීමට විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කර ඇති බවයි.





