සෝභිත හිමිගෙන් ආණ්ඩුවට දොස්

විහාර දේවාලගම් පනත සංශෝධනය කරමින් දුශ්ෂීලයින් සසුනින් නෙරපීම සඳහා සංඝ සභාවට බලය ලබාදෙන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ පොදු එකඟතාවක් ඉදිරිපත් කළද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.
උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ ඊට අදාළ අණපනත් සංශෝධනය තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවේ සිරිවී ඇති බවයි.
ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

පූජ්‍ය රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේට මියන්මාරය විසින් අග්ගමහා සද්ධම්මජෝතික ධජ ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාරාම විහාරස්ථානයේදී ඊයේ පැවැත්වුණා.
මේ අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් ද එක්ව සිටියා.

Share