සංචාරක වීසා මත මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 125 දෙනෙක් පිටුවහල් කෙරේ

මාර්ගගත මූල්‍යං වංචා ජාවාරම්වල නිරතව සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ චීන ජාතිකයන් 125 දෙනෙකු පිටුවහල් කර තිබෙනවා.
පසුගිය 17 වනදා අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හල් කිහිපයක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කරමින් සිටියදී අදාළ චීන ජාතිකයින් පිරිස යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ සංචාරක සහ ව්‍යපාරික වීසා මත අදාළ චීන ජාතිකයින් මෙරටට පැමිණීමෙන් අනතුරුව ආගමන විගමණ නීති උල්ලංඝනය කරමින් රැදී සිට ඇති බවයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සදහන් කළේ, චීන රජය සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරටින් එවන ලද විශේෂ ගුවන් යානයක් යොදාගෙන අදාළ පිරිස පිටුවහල් කළ බවයි.

Share