ශ්‍රී ලංකාවේ සහල් වෙළෙඳපොළ තත්ත්වය සහ මිල පාලනය පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන් සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
මෙහිදී දෙරට අතර පවතින මේ ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කිරීම, ආයෝජන සබඳතා ප්‍රවර්ධනය, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා දිරිමත් කිරීම, දෙරටේම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මෙන්ම සමුපකාර ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවඳ සාකච්ඡාවට ලක් වඋ බව අමාත්‍යාංශය පැවසුවා





