2026 වසරේ ලෝක බෞද්ධ සාම සම්මේලනය, ඉන්දියාවේ තෙලන්ඟනා ප්‍රාන්තයේ අගනුවර වන හයිද්‍රාබාද්හි දී ඊයේ උත්සවාකාරයෙන් ආරම්භ වුණා
සමුළුවේ සමාරම්භක සැසිය ඊයේ පෙරවරු 10:00 ට ආරම්භ වූයේ හයිද්රාබාද බෙගම්පෙට්හි පිහිටි ‘The Plaza’ හෝටලයේදී.
තෙලන්ගනා සංචාරක අමාත්‍ය ක්‍රිෂ්ණා රාඕ සහ ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙහි ප්‍රධාන අමුත්තන් ලෙස එක් වුණා
ශ්‍රී ලංකාව, වියට්නාමය, චීනය, ජර්මනිය, රුසියාව සහ මැලේසියාව ඇතුළු රටවල් 23 කින් පැමිණි නියෝජිතයින් 150 කට අධික පිරිසක් මීට එක්ව සිටියා.





