පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අද පස්වරු 1.30සිට යළිත් වරක් බිඳවැටී තිබෙනවා
ඒ හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙන තෙක් ක්රියාත්මක නොවන බවයි ඩිජිටල් ආර්ථික අමාත්යංශය සදහන් කළේ.
ඉකුත් 23 වනදා ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදු වූ අතර 24 වනදා උදෑසන 11 සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් නැවත ආරම්භ කිරීමට පියවර ගැනුනා





