ඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය කොළඹ දී

විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය කොළඹ දී ඊයේ පැවැත්වුණේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් “නව අවස්ථා හඳුනාගැනීම සහ නව සබඳතා ගොඩනැගීම” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණය මෙවර පැවැත්වුණේ තෙවැනි වරටයි.
දිනෙන් දින වර්ධනය වන ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, දෙරට අතර අන්‍යොන්‍ය විශ්වාසය සහ පොදු ආරක්‍ෂක අවශ්‍යතා මත පදනම් වූ දීර්ඝකාලීන සබඳතාවක් බව එහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.
ඔහු විශ්වාසය පල කළේ ඉන්දියාව තුළ වේගයෙන් දියුණු වන ආරක්‍ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍ර සඳහා ඉතා වටිනා අවස්ථාවන් සැලසෙනු ඇති බවයි.

Share