හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගේ 77 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ දිවයිනේ ප්රදේශ කිහිපයක විවිධ වැඩසටහන් සංවිධාන කර තිබුණා. නාරහෙන්පිට, ශ්රී ධර්මායතන විහාරස්ථානයේදී 77 වැනි ජන්ම දිනය සමරන හිටපු ජනාධිපති වික්රමසිංහ මහතාට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ප්රාර්ථනා කරමින් ආගමික වතාවත් සිදු කෙරුණා.
එක්සත් ජාතික පක්ෂයේ ක්රියාකාරීන් සහ ප්රදේශවාසීන් බොහෝ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සෙත් පැතීමේ විශේෂ බෝධි පූජා පින්කමක් ඊයේ පස්වරුවේ වැල්ලම්පිටිය පරම ධර්මෝදය විහාරස්ථානයේදී පැවැත්වුණා. ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී විශේෂ ආශීර්වාද බෝධි පූජා පින්කමක් සංවිධාන කර තිබුණා. හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හෘද සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව සුවය ලබා මේ වන විට සිංගප්පූරුවේ විවේක සුවයෙන් පසුවනවා.





