දිට්වා සුළිකුණාටුවෙන් පසු හානි බලපෑම් තක්සේරු කිරීමේ වේදිකාව සහ ජංගම විකාශන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ප්‍රදර්ශනය කෙරෙයි

දිට්වා සුළිකුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා මෙරටට හිමිවූ ඉන්දීය ආධාර පැකේජය යටතේ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ක්‍රියාවලිය වෙනුවෙන් නිර්මාණය කෙරුණු හානි බලපෑම් තක්සේරු කිරීමේ වේදිකාව සහ ජංගම විකාශන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ප්‍රදර්ශනය කෙරුණා.
ආපදා කලමණාකරන ඒකකය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ආදී ආයතන සම්බන්ධීකරණය කරගනිමින් මෙය නිර්මාණය කර ඇත්තේ පසුගිය මාසයක පමණ කාලයක පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
ආපදා සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ අවම කිරීම ශක්තිමත් කිරීමේ අරමුණින්, අවශ්‍ය පද්ධති තවදුරටත් සහයෝගීව සංවර්ධනය කිරීම, ධාරිතා වර්ධනය සඳහා දෙපාර්ශ්වය අඛණ්ඩව සාකච්ඡාවල නිරත වීමට මෙහිදී තීරණය කෙරුණා.

දිට්වා සුළිකුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා මෙරටට හිමිවූ ඉන්දීය ආධාර පැකේජය යටතේ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ක්‍රියාවලියට අදාළ හානි බලපෑම් තක්සේරු කිරීමේ වේදිකාව සහ ජංගම විකාශන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ප්‍රදර්ශනය කෙරේ

Share

Latest Post