සියයට 10කට වැඩි අගයකින් ඉහළ නැංවිය යුතු බව ජාතිත ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ඩීසල් මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 10කට වැඩි අගයකින් ඉහළ නැංවිය යුතු බව ජාතිත ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට යොමු කර ඇතැයි කොමිෂන් සභාව නිවේදනය කළා.
අවසන් වරට බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුනේ පසුගිය වසරේ ජුලි 01 වැනිදා සිටයි.
එදින සිට මේ දක්වා කාලය තුළ ඩීසල් මිල සමුච්චිත වැඩි වීම රුපියල් 93ක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරනවා.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව දැනට ක්‍රියාත්මක බස් ගාස්තුව සියයට 10කට වැඩි අගයකින් වැඩි වීමට ඩීසල් මිල වැඩි වීම බලපා ඇතැයි අදාළ නිවේදනයේ සඳහන්.
නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෙට පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා යොමු කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.
මේ අතර පෞද්ගලික බස් හිමිකරුවන්ගේ සංගම් අද ඉල්ලා සිටියේ ඩීසල් මිල වැඩිවීමට සාපේක්ෂව සියයට 15ක ගාස්තු වැඩි වීමක්.

Share

Latest Post