රුහුණු නිල් මහ සටන වසර 55කට පසු ජය ගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අද සමත් වුණා.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සමග පැවැත්වෙන රුහුණු නිල් මහ සටන වසර 55කට පසු ජය ගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අද සමත් වුණා.
දෙවිදුහල් අතර 126 වැනි තරගය පැවැත්වුණා.
තරගයේ පළමු ඉණිමේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විදුහල සියලු දෙනා දැවී ලකුණු 158ක් රැස්කරගත්තා.
සාන්ත සර්වේශස් විදුහලට පළමු ඉනිමේ දී සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.
සාන්ත තෝමස් දෙවැනි ඉනිම ලකුණු 137කට සීමා කරන්නට සර්වේශස් පන්දු බලඇණිය සමත් වුණා.
ඒ අනුව පළමු ඉණිමේ ලකුණු 40ක් පිටුපසින් සිටි සාන්ත සර්වේශස් විදුහලට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 178ක්.
විටින් විට කණ්ඩායම් දෙකටම දෝලනය වූ තරගය කඩුලු 5කින් ජය ගැනීමට සාන්ත සර්වේශස් විදුහල් සමත් වුණා.
ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාවට සර්වේශස් විදුහලෙන් බිහි වූ ලෝක පූජිත සුපිරි පිතිකරුවෙක් මෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් හිටපු පුහුණු කරු සනත් ජයසූරිය ද එක්ව සිටියා.

Share