යාපනය පොලිස් වසමේ චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන්ව ඇති බවට පැමිණිලි

මේ අතර පසුගිය 19 වැනිදා යාපනය පොලිස් වසමේ චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන්ව ඇති බවට පුත්‍රයා විසින් යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සිද්ධිය වූ දින සිට නිවසින් අතුරුදන්ව සිටි ඇගේ දියණිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ 18 වැනිදා අලුයම තම ස්වාමිපුරුෂයා සමඟ එක්ව මවගේ ගෙල සිර කර මරා මෝටර් රථයකින් මන්නාරම ප්‍රදේශයට රැගෙන ආ බවයි.
සිරුර කැලෑබද ප්‍රදේශයක දමා තම සැමියා සමඟ නිලාවේලි ප්‍රදේශයට පලා ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියගේ ස්වාමිපුරුෂයාද මේ වන විට අත්අඩංගුවට ගෙන සිටිනවා.
ඝාතනයට ළක් වූ කාන්තාව යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වන අතර ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (ආසන්න නගරයක්) ගොම්බයිමනල් හින්දු සුසාන භූමියේදී සිදු කෙරුණා.
අධිකරණයෙන් සැකකාරිය කළ ඉල්ලීමකට අනුව ඇයට මවගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට අවසර හිමි වූ අතර පොලිස් ආරක්ෂාව යටතේ ඇයට නිවසට රැගෙන එනු ලැබුවා.

Share