මහ මඟ බිලිගත් ජීවිත

2026 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා ගත වූ කාලය තුළ මෙරට මාරක රිය අනතුරු 545ක් සිදුව ඇති බව ශ්‍රි ලංකා පොලිසිය පවසනවා.
එම අනතුරු වලින් මිය ගිය ගණන 567ක් වන සිදුව ඇති බරපතල තුවාල සිදුවූ සංඛ්‍යාව 1120ක්.
මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු කිහිපයක් වාර්ථා වුණා.

ඊයේ රාත්‍රී 9ට පමණ සෝමාවතීය හිගුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ හිඟුරක්දමන හතේ කණුව ප්‍රදේශයේදී අනතුරක් සිදුවුනා.
එහිදී පොලොන්නරුව ගල්අමුන ප්‍රදේශයේ සිට හිඟුරක්ගොඩ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් එම මාර්ගයේ අසලක නවතා දුරකථන සංවාදයක යෙදුණු තවත් යතුරුපැදිකරුවෙකුගේ පිටිපසින් ගැටි ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී තිබෙනවා.
මෙහිදී අනතුර සිදුකළ යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අනතුරට පත් අනෙකුත් යතුරුපැදිකරු සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් සිව්දෙනා හිඟුරක්ගොඩ රෝහලට හා ගල්අමුණ රෝහලට ඇතුළත් කර පසුව ඔවුන් සියලු දෙනා පොළොන්නරුව මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සදහා මාරුකර යවා තිබෙනවා.
මෙම අනතුරෙන් මිය ගියේ හිඟුරක්දමන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක්. මේ සම්බන්ධයෙන් හිගුරක්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සඳහන් කළේ අපරීක්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි

මේ අතර යාපනය – චාවකච්චේරි මාර්ගයේ කනකම්පුලියඩි ප්‍රදේශයේ අද පෙරවරු 8.30ට පමණ සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක මිය ගොස් තිබෙනවා.
පුත්තූර් සිට මීසාලෙයි දෙසට ගමන් කළ ටිපර් රථයක් සහ මීසාලෙයි සිට මන්තුවිල් දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ කුඩා දැරියක් කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුලුව පුද්ගලයින් සිව් දෙනෙකු සිට තිබෙනවා.
ඔවුන් අතරින් මව සහ දියණිය එම ස්ථානයේදීම මිය ගිය අතර රියදුරු සහ තුවාල ලැබු අනෙක් කාන්තාව චාවකච්චේරි මූලික රෝහලට ඇතුළත් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.

Share