එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වෙළෙඳපොළේ පවතින පාලන මිලට වඩා අඩුවෙන් ලංකා සතොසින් සහල් මිලදී ගැනීමට හැකි බවයි.
මෙහිදී සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන බවත්, ඒ අනුව මෙම සහනය පාරිභෝගිකයන්ට මිස ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.





