අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මේ වන විට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා අද අල්ලස් කොමිසමට නියම කළා
අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත්තේ.
මේ මස 23 වනදා පෙරවරු 10.00 ට බන්ධනාගාරය තුළදී දුමින්ද සිල්වා ගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලෙසත් එහිදී ඔහුට අවශ්‍යනම් නීතිඥ සහාය ලබා ගැනීමට හැකි බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියා.
නීති විරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීම සිද්ධියකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරනු ලබනවා.
මේ අතර මෙම සිද්ධියට අදාළව රුපියල් ලක්ෂ 50 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොහොමඩ් සෆ්රාස් නැමති ව්‍යාපාරිකයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා
ඒ එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්තාවේ දීයි.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු ඉදිරි පියවර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවයි.
එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල අගෝස්තු මස 28 වන දා යළි කැඳවීමට නියම කළ අතර එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් කොමිසමට නියෝග කළා
2023 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීම තුළින් රජයට පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර ඇති හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල යලි අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළා
ඒ මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්තාවේ දීයි.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවයි.
ඒ අනුව මෙම පැමිණිල්ල යලි අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළා.
චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන් එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සතොසට අයත් බව පැවසෙන වාහනයක් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගනිමින් රාජ්‍ය දේපොළ අව භාවිතා කළ බවට චෝදනා ලබා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ සෙසු සැකකරුවන් වන ශාකීර් මොහොමඩ්, සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුතුන් දෙදෙනා වන ජොහාන් ප්‍රනාන්දු සහ ජෙරමි ප්‍රනාන්දු යන විත්තිකරුවන් පස්දෙනාට එරෙහි නඩුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. ඒ SKYPE තාක්ෂනය ඔස්සේයි.
මෙහිදී දෙපාර්ශවයේ කරුණු .සලකා බැලූ වත්තල අතිරේක මහේස්ත්‍රාත් එරංගා සිරිසේන මහත්මිය නියෝග කළේ ,මෙම නඩුව අප්‍රියෙල් මස 02 වන දින දක්වා කල් තබන ලෙසයි .
එතෙක් සියළු සැකකරුවන් නැවතත් රිමාන්ඩ් භාරයට පත්කෙරුනා




