IMF විශේෂ නියෝජිතයින් 26 දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් පවසනවා
ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මකවන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ පස්වැනි සහ හය වැනි සමාලෝවන ඒකාබද්ධව සම්පූර්ණ කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි
එමෙන්ම මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද ජුලී කොසැක් සදහන් කළා

Share