30 වැනි වසර සපුරන අම්බුලුවාව ජෛව විවිධ මධ්‍යස්ථානය

අම්බුලුවාව ජෛව විවිධ මධ්‍යස්ථානයට වසර 30 ක් සැපිරීම නිමිත්තෙන් අම්බලුවාව භාරකාර මණ්ඩලය විසින් සංවිධාන කර ඇති විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියා ද කොළඹ දී පැවැත්වුණා.
එහිදී මධ්‍යම පළාතේ පිරිවෙන් ආචාර්ය ස්වාමීන් වහන්සේලා සියක් නමක් සහභාගී කරගනිමින් ගුරු පුහුණු වැඩසටහනක් පැවැත්වීම, ගොවිජන කුළුණු අභ්‍යන්තරයේ සිට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීම, සර්ව ආගමික මධ්‍යස්ථානයේ පිහිටි මුස්ලිම් පල්ලිය සම්පූර්ණයෙන් නවීකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සිදු කිරීමට නියමිතයි.
පුජ්‍ය මීවතුරේ වජිරඤාණ හිමි ප්‍රමුඛ අම්බුලුවාව ජෛව විවිධ මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියා.

Share