බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට නියමිතයි.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර ඔහු සිදු කළ බව පවසන දූෂණ අක්‍රමිකතා චෝදනාවකට අදාළව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙන බවයි විපක්ෂය පවසන්නේ.
වත්මන් රජයේ බලශක්ති අමාත්‍යවරයා වන කුමාර ජයකොඩි මහතා එම දුරයට පත්වීමට පෙර සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවක් සහ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන ඒම හරහා ජාතික ආර්ථිකයට සිදුකරන ලද පාඩුව සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කරන බවයි විපක්ෂය පවසන්නේ.
ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව අද දිනයේ කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පැවසුවා.
මන්ත්‍රීවරයා පවසන්නේ කුමාර ජයකොඩි අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවත් එවැනි අවස්ථාවක දී අදාල අමාත්‍යවරයාට එම අමාත්‍ය ධූරයේ රැඳී සිටීමට කිසිදු නීත්‍යනුකූල මෙන්ම සදාචාරාත්මක අයිතියක්ද නොමැති බවයි.




