පසුගිය කාලය පුරාවට මහත් ආන්දෝලනයක් ඇතිකල දඹුල්ලේ පිහිටි උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව සති 6 හෝ 8 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම වැඩස් අවසන් කිරිමට ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් එකඟ වී තිබෙනවා.
ඒ මෙම කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ අවසන් කිරීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහාතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවති සාකච්චාවකදීයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් විවෘත කෙරුනු දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රු 84 ලක්ෂයක විදුලි බිලක් ලැබී ඇතැයි පසුගිය දා අනාවරණ වීමත් සමඟ මහත් ආන්දෝලනයක් ඇති වුනා
අදාළ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මේ වනවිට එම ගබඩාවේ විදුලිය විසන්ධි කර ඇති බවටත් වාර්ථා වුණා
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුනා.
ඊට අමාත්‍යංශ ලේකම්වරයා, ආහාර කොමසාරිස්වරයා මෙන්ම ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නියෝජිතයෙකු ද එක්ව සිටියා.
එසේම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළ සමාගමේ නියෝජිතයන් පිරිසක් ද මෙයට සහභාගී වුණා.
මෙම සාකච්ඡාවේ දී පවතින ප්‍රමාදයන් හේතුවෙන් රටට සිදුවන පහසුකම් අහිමි වීම පිලිබඳව අවධානය යොමු කෙරුනා.
වහලයෙන් ජලය කාන්දුවීම, පොළොවේ මට්ටම පිළිබඳ පවතින ගැටල සහ සිසිලන පද්ධතියේ ඇති ගැටලුකාරී තත්ත්වය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය නියෝජනය කරමින් පැමිනි සහකාර අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරි වී. රත්නම් මහත්මිය මෙහිදි පෙන්වා දුන්නා.
ඒ අනුව තීරණය වූයේ දෝෂ සහිත සිසිලන යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම හෝ නැවත සවිකිරීම, ආර්ද්‍රතාකාරක නිසි ලෙස ක්‍රියාකරවීමට සැලැස්වීම සහ පවත්වා ගත හැකි අවම සිසිලන මට්ටම කුමක්දැයි ස්ථිර කර ගැනීමටයි.
මෙහිදී ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළ ඉංජිනේරු ආයතනය සඳහන් කලේ ඔවුන්ගේ තාක්ෂණික කණ්ඩායම සමග පැමිණ සති හතරක් ඇතුළත සියලුම නඩත්තු කටයුතු අවසන් කරන බවයි.
කොන්දේසි විරහිතව වැඩ අවසන් කිරීමට එකඟ වන් බවින් ප්‍රමාද ගාස්තු අය නොකර සහනයක් ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා
ඊට එකඟතාව පල කළ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ සති 6ත් 8ත් අතර කාලයකදී මෙය අවසන් කල යුතු බවයි.





