ලංකාවට ඇමරිකාවෙන් හෙලිකොප්ටර 10ක් පරිත්‍යාගයක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පරිත්‍යාග කරන ලද සී රේන්ජර් හෙලිකොප්ටර් යානා 10ක් රැගත් නෞකාව පසුගිය මාර්තු මස 15 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා සිට ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර මැයි 24 වැනිදා වන විට මෙරටට ළගා වීමට නියමිතයි.
මෙම පරිත්‍යාගය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය මෙන්ම කලාපීය ආරක්ෂාව සහ මානුෂීය ආධාර සඳහා වන කැපවීම ශක්තිමත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

Share